• Increase font size
  • Default font size
  • Decrease font size

මහින්ෙදා්දය තාක‍ෂණික විද්‍යාගාරයට මුල් ගල තැබීම

E-mail Print PDF

මහින්ෙදා්දය තාක‍ෂණික විද්‍යාගාරයට මුල් ගල තැබීම


අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම මල් පල ගන්වමින් ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ මග පෙන්වීම අනුව මාර/ හක්මණ මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරනු ලබන මහින්දෝදය තාක්ෂණ පීඨයට මුල් ගල් තැබීමේ උත්සවය 2014 ජුනි මස 03 වැනි දින පෙ.ව. 8.30 ට ගරු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙම උත්කර්ෂවත් අවස්ථාව වර්ණවත් කිරීමට සපැමිණෙන ලෙස ඔබතුමාට/ ඔබතුමියට කරනු ලබන ගෞරව පූර්වක ආරාධනාවයි මේ.

ජී. එල් තිලකරත්න විදුහල්පති

මාර/ හක්මණ මෙතෝදිස්ත ම. ම. වි.




මහින්දෝදය තාක්ෂණ පීඨයට මුල් ගල තැබීම -

වැඩ සටහන් පෙළ ගැස්ම

පෙ.ව. 8.30 ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය

8.35 උත්සව භූමියට කැඳවා ගෙන ඒම

8.45 පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම

9.00 පහන් පැල් දැල්වීමේ චාරිත්‍ර විධි

9.05 පන්සිල් හා සෙත් පිරිත්

9.11 සුබ මොහොතින් මුල් ගල් තැබීම

9.15 ගරු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා උත්සව සභාව ඇමතීම

9.30 ස්තුතිය

9.35 තේ පැන් සංග්‍රහය


සම්භාවනීය ආරාධනා

• හක්මන ශ්‍රී. ල. නී. ප ප්‍රධාන සංවිධායක,  ගරු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා

• අතිගරු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මැතිතුමා

• ගරු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මැතිතුමා

• ගරු දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මැතිතුමා

• දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් මැතිතුමා

• මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩබ්. ආර් වීරකෝන් මැතිතුමා

• E.K.S.P ව්‍යාපෘති අධ්‍යක්‍ෂ තිලක් වත්තුහේවා මැතිතුමා

• හක්මන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සී. එච්. හල්පගේ මැතිතුමා

• එම උප සභාපති නිපුන් අමරසේකර මැතිතුමා

• අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මැතිතුමා

• ද්විතියික පාසල් දහසක් සංවර්ධනය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එල්.එම් ඩි පියසේන මැතිතුමා

• හක්මන ප්‍රා. ලේකම් කුසලක නානායක්කාර මැතිතුමා

• හක්මන පොලිස් ස්ථානාධිපති චන්දන වීරසේකර මැතිතුමා

• හක්මන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම මැතිතුමා

• සාම විනිසුරු සුමන සේදර සෙනරත් මැතිතුමා

 

උත්සව අවස්ථාවේ වර්ෂාවෙන් දැඩි බාධා ඇති විය. නමුත් ඇමැතිතුමා සියල්ල මධ්‍යස්ථව ඉවසමින් තම යුතුකම ඉටු කිරීම පිළිබඳව සියල්ලගේ ම ප්‍රසංශාව හිමි විය.


Last Updated on Tuesday, 20 January 2015 04:25