• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Methodist Central College - Hakmana

Lassana Hakmana ලස්සන හක්මන

E-mail Print PDF

හක්මන නගරයේ මෙවර ලස්සන හක්මන පොසොන් කලාපය 2014 ජුනි මස 12,13,14,15 යන දින වල පැවැත්වුණි. භක්ති ගී ප්‍රසංගය, පහන් කූඩු තරඟය, තොරණ 3ක්, දින හතරදීම මහා දන්සලක් හා මල් වෙඩී සංදර්ශනයක්  පැවැත්වුණි. මෙහි පුරෝගාමීන් වන්නේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා සහ අත්ගරු ජනාධිපත් කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මැතිතුමාය.

 

Hardware Workshop දෘඪාංග වැඩමුළුවක්

E-mail Print PDF

අද දින අප හක්මන කොට්ඨාසයේ සියලු පාසල් නියෝජනය කරමින් තෝරා ගත් සිසුන් පිරිසකට

පරිගණක දෘඪාංග පුහුණුවක් අප පාසලේ දී දවස පුරා ම පැවැත් වේ. එහි ආරම්බක අවස්ථාවයි මේ.

 

මහින්ෙදා්දය තාක‍ෂණික විද්‍යාගාරයට මුල් ගල තැබීම

E-mail Print PDF

මහින්ෙදා්දය තාක‍ෂණික විද්‍යාගාරයට මුල් ගල තැබීම


අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම මල් පල ගන්වමින් ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ මග පෙන්වීම අනුව මාර/ හක්මණ මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරනු ලබන මහින්දෝදය තාක්ෂණ පීඨයට මුල් ගල් තැබීමේ උත්සවය 2014 ජුනි මස 03 වැනි දින පෙ.ව. 8.30 ට ගරු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙම උත්කර්ෂවත් අවස්ථාව වර්ණවත් කිරීමට සපැමිණෙන ලෙස ඔබතුමාට/ ඔබතුමියට කරනු ලබන ගෞරව පූර්වක ආරාධනාවයි මේ.

Last Updated on Tuesday, 20 January 2015 04:25 Read more...
 

Vesak Pagent වෙසක් පෙරහර

E-mail Print PDF

මාර/ මෙතෝදිස්ත ම.ම.වි. සිසු දරු දැරියන් විසින් සංවිධානය කළ වෙසක් පෙරහර හක්මන නගරයේ විථි සංචාරය කරන ලදී. The students of MR/ Methodist Central College displayed a pageant on Vesak festival

 

 

ශිෂ්‍ය නායක ප්‍රතිඥා උත්සවය

E-mail Print PDF

මාර/ මෙතෝදිස්ත ම.ම. විද්‍යාලයේ

2014 වර්ෂයේ ශිෂ්‍ය නායක ප්‍රතිඥාදීම හා

නිල ලාංඡන පැළඳවීමේ උත්සවය

මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩබ්.ආර්. වීරකෝන් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන්

2014 මාර්තු 20 දින පෙ.ව. 7.30 ට

විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ දී පැවැත්වේ.

 

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස

ඔබ තුමාට/තුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු

 

ගෞරවණීය ආරාධිත සහභාගිත්වය

  1. මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ -

ඩබ්.ආර්. වීරකෝන් මැතිතුමා

  1. හක්මණ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ -

සුදත් සමරවික්‍රම මැතිතුමා

  1. නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ උපපීඨාධිපති - එස්. සේදර සෙනරත් මැතිතුමා
  2. හක්මණ පොලිස් ස්ථානාධිපති -

චන්දන විජේසේකර මැතිතුමා

 

වැඩ සටහන් පෙළ ගැස්ම

පෙ.ව. 7.30       - ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය

පෙ.ව. 7.40       - කොඩි එසවීම/ ජාතික ගීය ගායනය

පෙ.ව. 7.50       - ආගමික වතාවන්- මහහීල්ලේ බුද්ධවංශ හිමි

පෙ.ව. 8.00       - පිළිගැනීම/අරමුණු පැහැදිලි කිරීම (විදුහල්පතිතුමා)

පෙ.ව. 8.15       - ශිෂ්‍ය නායක ප්‍රතිඥාව

පෙ.ව. 8.25       - නිල ලාංචන පැළඳවීම

පෙ.ව. 8.55       - ශිෂ්‍ය නායක ගීතය

පෙ.ව.9.00        - ආරාධිත අමුත්තන්ගේ කථා

පෙ.ව. 9.30       - ප්‍රධාන ශිෂ්‍ය නායක/නායිකාවන්ගේ කථා

පෙ.ව. 9.40        - ස්තුති කථාව

 


Page 4 of 32